iranama
යෝනි-ලිංග-නාඩි පොරොන්දම් අශුභ වූ පමණින්
විවාහය බිඳ වැටෙන්නේ නැත
විවාහයේදී පොරොන්දම් පරීක්ෂාවේදී දෙදෙනාගේ යෝනි ලිංග නාඩි හොඳින් පරීක්ෂා කළ යුතුයි. අද විවාහ අපේක්ෂකයන් 93% ක් පමණ පොරොන්දම් උගත් දෛවඥයකු ලවා පරීක්ෂාවට බඳුන් කරගනී. ඔහුගේ තීරණය මත විවාහය සිදුවේ.
දෛවඥවරයා ඔවුන්ගේ මනස අවුල් නොකර පොරොන්දම් ප්‍රතිඵල කියා දිය යුතුයි. එය ඔහුගේ වගකීමයි. සමහර නොදත් අය කුණුහරුප කියා පොරොන්දම බලා යුවළ අන්දමන්ද කරයි. උගත් දෛවඥයාට පොරොන්දම් බැලීම කජු කනවා වාගේ වැඩකි. ඉතා පහසු කාර්යයකි.
යෝනි පොරොන්දම බලන්න. මෙය අවශ්‍ය දෙයකි. මෙහි සමහරුන්ට වැදගත් වන්නේ ලිංගික ක්‍රියාවලිය වුවත් මෙහි ඉන් ඔබ්බට දෙයක් ඇත. යෝනි පොරොන්දම සුබනම් කායික සතුට ඇති බව සමහර අන්ධ දෛවඥයන් පවසයි.
ඒක වාර්ගික සතුන්ට අයත් යෝනි පුරුෂ යෝනි පුරුෂයාට, ස්ත්‍රී යෝනි, ස්ත්‍රීන්ටත් යෙදීම ඉතා හොඳයි. අශ්ව ස්ත්‍රියට වෙළඹ පුරුෂයා, ඇත් ස්ත්‍රිය ඇතිනි පුරුෂ හෝ ඇත් පුරුෂයාට ඇතිනි ස්ත්‍රිය ගැලපේ. බලල් ස්ත්‍රිය බැළලි වශයෙනි. එළ දෙන එල ද, නාග - සැපිනි, සුන
Wmqgd .ekSu